1
00:00:00,000 --> 00:02:16,000
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 184වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

2
00:02:16,803 --> 00:02:20,014
හිතුවා වගේම, මූ ලේසියෙන් පරදින පාටක් නැහැ.

3
00:02:22,183 --> 00:02:26,020
මේක හරියට දක්ෂ කඩු කාරයෝ ගොඩක් එක්ක සටන් කරනවා වගේ.

4
00:02:27,021 --> 00:02:28,815
ඌ ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමක,

5
00:02:28,898 --> 00:02:32,348
පහර දෙන වාර ගණන විතරක් නෙවෙයි, උගේවේගයයි ශක්තියයිත් පුදුම සහගතයි.

6
00:02:33,319 --> 00:02:35,155
එයා ස්ටාර්ක්ටත් වඩා බලවත්.

7
00:02:35,238 --> 00:02:38,950
මේක දිග සටනක් වුණොත්, අපි අනිවාර්යයෙන්ම පරදිනවා.

8
00:02:40,410 --> 00:02:42,245
අපි පසුබැසලා ආයෙත් සැලසුම් කරමුද…

9
00:02:43,163 --> 00:02:47,584
නැහැ, එයා අපිට වඩා වේගවත්.
අපේ පස්සෙන් පන්නලා ඇවිත් මේක ඉවර කරයි.

10
00:02:49,043 --> 00:02:52,297
මේක නම් නරකයි… හරියට ෆ්‍රීරන් කිව්වා වගේමයි.

11
00:02:52,380 --> 00:02:54,230
මට එයාගේ චලනයන් පොඩ්ඩක්වත් හිතාගන්න බැහැ.

12
00:02:56,175 --> 00:02:57,594
එහෙනම්…

13
00:03:02,140 --> 00:03:05,059
මෝඩයා.  මම එයාට කිව්වා කෙලින්ම පහරවල් කන්න එපා කියලා.

14
00:03:05,727 --> 00:03:06,561
අල්ලාගත්තා.

15
00:03:08,897 --> 00:03:11,525
එයා ඒක ඕනෑකමින්මද කළේ?

16
00:03:11,608 --> 00:03:12,483
මොනතරම් හයිය මිනිහෙක්ද.

17
00:03:19,407 --> 00:03:22,953
ස්ටාර්ක්, ඔයා ඇත්තටම දක්ෂ සටන්කරුවෙක්.

18
00:03:23,036 --> 00:03:25,536
ඔයා නිසා, එයාගේ අවධානය තත්පරයකට ගිලිහී ගියා.

19
00:03:34,881 --> 00:03:37,050
දැන් සේරම ඉවරයි, රිවෝල්ටේ.

20
00:03:37,842 --> 00:03:39,802
ඉන්න, මට දැන් මතක් වුණා…

21
00:03:41,387 --> 00:03:45,558
ඔයා මම කලින් මරපු අර පළමු පෙළේ මායාකාරයා එක්ක හිටියා නේද?

22
00:03:46,517 --> 00:03:49,479
මේකත් හරියට ඒ වගේම අවස්ථාවක්.

23
00:03:49,562 --> 00:03:52,691
ඔයා තවත් රක්ෂයෙක්ව පරද්දන්න පිටත් වුණා,

24
00:03:52,774 --> 00:03:55,235
ඔයාගේ සහකරු ගම ආරක්ෂා කරන්න නැවතුණා.

25
00:03:55,860 --> 00:04:01,032
ඔයා ආපහු ගමට එනකොට, 
හැමදේම වෙලා ඉවරයි.

26
00:04:01,741 --> 00:04:04,619
ඔයාගේ සහකරු මැරුණ විදිහ දැනගන්න ඕනි නැද්ද?

27
00:04:04,701 --> 00:04:05,787
කට වහගනින්.

28
00:04:06,371 --> 00:04:10,542
ඒ සටනෙන් මම හරිම අපූරු පාඩමක් ඉගෙන ගත්තා.

29
00:04:10,625 --> 00:04:13,711
දැන් ඇති, මමම උබව නිහඩ කරන්නම්.

30
00:04:15,255 --> 00:04:19,050
එහෙනම්, මගෙන් ඔයාට අවසාන උපදෙසක්.

31
00:04:19,801 --> 00:04:23,930
බේරුණු අය ඉන්නවද කියලා හොයද්දී 
මීට වඩා හොඳට බලන්න.

32
00:04:25,598 --> 00:04:26,641
ළමයෙක්?!

33
00:04:33,606 --> 00:04:34,774
වැඩක් නැහැ…

34
00:04:48,329 --> 00:04:49,289
මම ඒක කළා!

35
00:04:49,872 --> 00:04:52,875
මම ඒක කළා, රිවෝල්ටේ-සමා! මට ප්‍රශංසා කරන්න--

36
00:04:58,131 --> 00:05:00,800
හොඳ වැඩක්. නියමෙට කළා.

37
00:05:01,968 --> 00:05:03,678
මගේ තීරණය වැරදුණා…

38
00:05:04,304 --> 00:05:07,182
තත්පරයකට මට එයා ගැන හිතුණා.

39
00:05:07,265 --> 00:05:09,100
මම දැනගන්න තිබුණා

40
00:05:09,183 --> 00:05:11,644
මෙහෙ ළමයින් ඉන්න විදිහක් නැති බව.

41
00:05:13,896 --> 00:05:16,942
මම හිතුවා වගේමයි.

42
00:05:17,025 --> 00:05:20,069
මිනිස්සුන්ට ළමයින්ව ආරක්ෂා කරන 
පුරුද්දක් තියෙනවා.

43
00:05:22,488 --> 00:05:24,115
පුරුද්දක්, එහෙමද?

44
00:05:24,198 --> 00:05:26,576
හැම මනුස්සයෙකුටම ඒ "පුරුද්ද" තිබුණා නම්,

45
00:05:26,659 --> 00:05:30,204
ලෝකය මීට වඩා සාමකාමී තැනක් වෙයි.

46
00:05:30,788 --> 00:05:35,084
මම දන්න විදිහට, නන්නාඳුනන ළමයෙක් වෙනුවෙන් 
මැරුණු එකම එක මෝඩයයි හිටියේ.

47
00:05:35,835 --> 00:05:37,086
ඒ මෝඩයා.

48
00:05:40,631 --> 00:05:42,634
සමහරවිට මේ කොල්ලා

49
00:05:42,717 --> 00:05:44,552
ඕනිවට වඩා  කරුණාවන්ත වුණා වෙන්න ඇති.

50
00:05:45,219 --> 00:05:46,969
ඕනිම කාලෙක හැටි ඔහොමයි

51
00:05:47,972 --> 00:05:50,558
කරුණාවන්ත මායාකාරියන්ට වැඩිකාලයක් ඉන්න බැහැ.

52
00:05:51,225 --> 00:05:53,186
එයා ගෞරවාන්විතව මියගියා.

53
00:05:56,230 --> 00:05:58,316
ඔයත් හිතේ නැති දේවල් කියනවා නේද?

54
00:05:59,192 --> 00:06:02,111
ගෙනාවු, ඔයා නම් හරිම අමුතු මිනිහෙක්.

55
00:06:02,612 --> 00:06:04,447
ඔයාගේ හිතේ කරුණාව පොඩ්ඩක්වත් නැහැ.

56
00:06:09,452 --> 00:06:11,079
ඔයා දිගටම ඔහොම ඉන්න එක තමයි හොඳ.

57
00:06:14,665 --> 00:06:15,958
ඔයාගේ කැමැත්තක්.

58
00:06:17,418 --> 00:06:21,339
මම මරන්න එච්චර කැමති කෙනෙක් නෙවෙයි.

59
00:06:21,923 --> 00:06:23,523
මම ඔයාගේ දුක ඉවර කරන්නම්.

60
00:06:25,676 --> 00:06:29,430
වෙන කෙනෙක් වගේ වැඩ කරන්න ගියාම 
ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ නේද?

61
00:06:38,523 --> 00:06:39,690
මොනතරම් පුදුමයක්ද.

62
00:06:40,525 --> 00:06:43,611
කවුද හිතුවේ මේ ලෝකේ

63
00:06:43,694 --> 00:06:46,739
මගේ පහරක් කෙලින්ම නතර කරන්න 
පුළුවන් සටන්කරුවෙක් ඉඳියි කියලා?

64
00:06:47,657 --> 00:06:49,367
ඔයාට තවමත් හෙල්ලෙන්න පුළුවන්ද?

65
00:06:49,450 --> 00:06:52,203
ඔයාට තිබුණේ මැරුණා වගේ රඟපාන්න.

66
00:06:52,995 --> 00:06:54,997
ඒකෙන් අදහස් වෙන්නේ පරාජය.

67
00:06:56,582 --> 00:06:58,334
සටනකදී,

68
00:06:58,417 --> 00:07:01,462
අවසානයට ඉතුරු වෙන කෙනා තමයි ජයග්‍රාහකයා.

69
00:07:02,463 --> 00:07:05,008
මම හිතුවා ඔයා හොඳ කෙනෙක් කියලා,

70
00:07:05,091 --> 00:07:07,091
ඒත් බලනකොට ඔයා නිකම්ම මෝඩයෙක්.

71
00:07:07,552 --> 00:07:09,679
හැබැයි, ඔයා හිතන විදිහට මම කැමතියි.

72
00:07:12,473 --> 00:07:15,768
මම අවසානය වෙනකල්ම ඔයා එක්ක සටන් කරනවා. ස්ටාර්ක්

73
00:07:16,352 --> 00:07:18,730
සටනකදී ඔයා කොච්චර හිරවෙනවද,

74
00:07:18,813 --> 00:07:21,563
ඒකෙන් පණ පිටින් බේරිලා එන එක 
ඒ තරමටම හැඟීම්බරයි.

75
00:07:22,191 --> 00:07:24,277
ඒ අත්දැකීම විඳගන්න මට ඉවසිල්ලක් නැහැ.

76
00:07:24,360 --> 00:07:26,112
මම උද්යෝගය නිසා වෙව්ලනවා.

77
00:07:40,209 --> 00:07:41,335
මම මොකද කරන්නේ?

78
00:07:45,006 --> 00:07:48,134
ෆ්‍රීරන්-සමා කියන්නෙම නැතුව අතුරුදන් වුණා.

79
00:07:52,680 --> 00:07:56,893
වෙලාවකට නිකම් බලන් ඉන්න එකත් නරක නැහැ.

80
00:08:10,781 --> 00:08:13,701
ඔයා මානා පාලනය කරලා හැංගුණාට වැඩක් නැහැ.

81
00:08:15,661 --> 00:08:18,581
මම මේ මීදුම හැදුවේ මායාවෙන්.

82
00:08:19,081 --> 00:08:22,710
ඒක පොඩිම මානා ප්‍රමාණයකටත් 
ප්‍රතිචාර දක්වලා මගේ ඉලක්කය හොයාගන්නවා.

83
00:08:24,045 --> 00:08:27,924
කොහොමත් මේ ලෝකේ කිසිම ජීවියෙකුට 
තමන්ගේ මානා සම්පූර්ණයෙන්ම හංගන්න බැහැ.

84
00:08:37,141 --> 00:08:38,852
පෙනීම අඩුයි විතරක් නෙවෙයි,

85
00:08:38,935 --> 00:08:40,635
එයා මගේ පහරවල් වළක්වනවා.

86
00:08:41,270 --> 00:08:42,605
අපි දෙන්නා සටන් කරන්න ගැළපෙන්නේ නැහැ.

87
00:08:59,038 --> 00:09:00,248
මේ දැනෙන විදිහ…

88
00:09:00,331 --> 00:09:02,667
ෆෙරන් ලොකු අමාරුවක වැටිලා වගේ.

89
00:09:03,459 --> 00:09:04,836
මට එයාට දොස් කියන්න බැහැ.

90
00:09:04,919 --> 00:09:08,422
එයාගේ ප්‍රතිවාදියා පාවිච්චි කරන්නේ 
හරිම අමුතු මායාවක්.

91
00:09:09,006 --> 00:09:09,924
<font color="#FFFB8B">මෙඩ්‍රොසොබෝල්ට්.</font>

92
00:09:14,303 --> 00:09:16,222
වෙන දේවල් වලට අවධානය දෙන්න එපා.

93
00:09:16,305 --> 00:09:17,974
ඔයාගේ ප්‍රතිවාදියා මමයි.

94
00:09:18,057 --> 00:09:19,684
මම ඒක දන්නවා.

95
00:09:30,361 --> 00:09:33,907
අනිත් අතට මගේ ප්‍රතිවාදියා "අමුතු" කෙනෙක් නෙවෙයි.

96
00:09:33,990 --> 00:09:37,035
එයාගේ සටන් විලාසය හරිම සරලයි.

97
00:09:37,118 --> 00:09:38,870
පහරදීමයි ආරක්ෂාවයි දෙකම සමබරයි.

98
00:09:38,953 --> 00:09:40,788
එයාට හොඳ පදනමක් තියෙනවා.

99
00:09:41,372 --> 00:09:43,124
කිසිම බුරුලක් නැහැ.

100
00:09:43,833 --> 00:09:47,128
එයා කෙලින්ම මූණ දීලා සටන් කරන්න 
පුළුවන් ජාතියේ හතුරෙක් නෙවෙයි.

101
00:09:52,425 --> 00:09:57,096
මම හිතුවා ෆෙරන් එක්ක එකතු වෙලා 
සටන් කරන එක හොඳයි කියලා,

102
00:09:57,847 --> 00:09:59,474
ඒත් මේ මීදුම ගොඩක් දුරට

103
00:09:59,557 --> 00:10:01,851
බලවත් මානා අනාවරකයක් විදිහටත් ක්‍රියා කරනවා.

104
00:10:02,810 --> 00:10:03,853
මේ විදිහට ගියොත්,

105
00:10:03,936 --> 00:10:07,440
ෆෙරන්ට එයාගේ දක්ෂතාවය වන 
සැඟවී සිටීම පාවිච්චි කරන්න බැරි වෙනවා.

106
00:10:07,523 --> 00:10:10,902
හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ, මීදුම නැති වුණොත්

107
00:10:10,985 --> 00:10:13,487
සටනේ වාසිය අපේ පැත්තට හැරෙනවා කියන එකයි.

108
00:10:14,322 --> 00:10:16,198
මම ටිකක් බැරෑරුම් වෙන්නද?

109
00:10:27,918 --> 00:10:30,921
එයා පහර දෙන විදිහ වෙනස් කළාද?

110
00:10:50,858 --> 00:10:52,652
මේ සටන් විලාසය…

111
00:10:53,152 --> 00:10:54,570
මම මේක කලින් දැකලා තියෙනවා.

112
00:10:55,237 --> 00:10:59,867
මේක උතුරු සානුවේ රක්ෂයන් දඩයම් කරපු 
පවුලක සටන් විලාසයට සමානයි.

113
00:11:00,910 --> 00:11:03,997
එයාල රක්ෂයෝ මරන්න මුළු ජීවිතයම 
කැප කරපු උමතු පිරිසක්.

114
00:11:04,080 --> 00:11:05,831
එයාලා රක්ෂයන් මැරීම වෙනුවෙන්මයි හිටියේ.

115
00:11:06,415 --> 00:11:08,042
හරිම ආස හිතෙනවා.

116
00:11:09,001 --> 00:11:11,337
මට නියම ප්‍රතිවාදියෙක් හම්බවුණා වගෙයි.

117
00:11:12,296 --> 00:11:14,090
එහෙනම් සටන පටන් ගමු.

118
00:11:22,473 --> 00:11:25,684
එයා හරිම වේගවත්… මගේ හැම මායාවකින්ම බේරෙනවා.

119
00:11:28,062 --> 00:11:30,023
කලින් එයා දක්ෂ කඩුකරුවෙක් වගේ හිටියා,

120
00:11:30,106 --> 00:11:34,026
ඒත් දැන් එයා හරියට රුදුරු මාංශභක්ෂකයෙක් වගේ හැසිරෙන්නේ.

121
00:11:40,074 --> 00:11:43,452
මාරාන්තික තුවාලයක් වෙලත් 
එයා දිගටම සටන් කරනවා.

122
00:11:44,203 --> 00:11:48,958
එයාගේ ශරීර ශක්තියයි ඉවසීමයි 
මනුස්සයෙකුට කිට්ටු කරන්නවත් බැහැ.

123
00:11:49,041 --> 00:11:52,753
මේ විදිහට ගියොත්, අපිව කෑලි වලට 
කැපිලා මැරිලා යයි.

124
00:12:48,309 --> 00:12:49,811
ගෙනාවු! එයාගේ කඩු!

125
00:12:49,894 --> 00:12:52,271
ඒවා දුර්වල වෙනවා! අපිට ඒවා කඩන්න පුළුවන්!

126
00:12:52,354 --> 00:12:53,731
මම හිතන්නේ එයා වගේ කෙනෙකුට වුණත්

127
00:12:53,814 --> 00:12:58,402
මේ වගේ වෙලාවක තමන්ගේ මායා කඩු 
පාලනය කරන්න අවධානය මදි ඇති.

128
00:12:59,153 --> 00:13:00,529
තව තුනයි ඉතුරු!

129
00:13:06,160 --> 00:13:07,036
ඉන්න…

130
00:13:07,119 --> 00:13:09,288
මොකක් හරි අමුත්තක් තියෙනවා.

131
00:13:10,623 --> 00:13:12,750
මේක ඇත්තටම දරුණු පහරදීමක් තමයි,

132
00:13:12,833 --> 00:13:14,793
හැබැයි මට මිනීමරු හැඟීමක් දැනෙන්නේ නැහැ.

133
00:13:15,586 --> 00:13:17,880
ඔයා හරිම තියුණුයි නේද?

134
00:13:19,465 --> 00:13:23,010
හැබැයි, ඔයාට ඒක තේරුණේ 
ටිකක් ප්‍රමාද වෙලා වගෙයි.

135
00:13:23,093 --> 00:13:25,554
මම දැනටමත් මීදුම ගැන විශ්ලේෂණය කරලා ඉවරයි.

136
00:13:28,557 --> 00:13:30,643
සටන් කරන්න විතරක් දන්න අය

137
00:13:30,726 --> 00:13:33,562
ඉගෙන ගන්නේ සටනට විතරක් 
ගැළපෙන මායාවන්.

138
00:13:34,146 --> 00:13:36,983
මගේ පවුලේ වෙන කෙනෙක් 
මං වෙනුවට මෙතන හිටියා නම්,

139
00:13:37,066 --> 00:13:39,916
එයාලට මේ තත්ත්වය වෙනස් කරන්න 
කොහොමටවත් බැරි වෙනවා.

140
00:13:40,277 --> 00:13:42,447
මොකද, එයාලට තේරෙන්නේ නැහැ

141
00:13:42,530 --> 00:13:44,198
මායාව කියන්නේ විනෝදයක් කියලා.

142
00:13:48,827 --> 00:13:50,287
<b><font color="#FFFB8B">එරිල්ෆ්‍රැක්ටේ.</font></b>

143
00:13:57,795 --> 00:13:59,338
මීදුම නැති වෙලා ගියාද?

144
00:14:00,256 --> 00:14:01,340
ඒත් ඒකෙන් වැඩක් නැහැ.

145
00:14:02,758 --> 00:14:05,094
මට ලේසියෙන්ම තව මීදුම හදන්න පුළුවන්.

146
00:14:10,266 --> 00:14:12,184
ඒ කෙල්ල කොහෙද ගියේ?

147
00:14:23,737 --> 00:14:25,906
හෙමුන්ග්ගේ මානා අතුරුදන් වුණා.

148
00:14:40,129 --> 00:14:42,756
පහරක්? කොහෙන්ද ඒක ආවේ?

149
00:14:56,562 --> 00:14:57,479
<font color="#46FFFF">සෝල්ටොරාක්.</font>

150
00:15:01,775 --> 00:15:02,943
මෙච්චර දුරක ඉඳන්ද--

151
00:15:13,245 --> 00:15:15,373
හතුරන්ට අහුවෙන්නේ නැති දුරක ඉඳන්,

152
00:15:15,456 --> 00:15:18,456
එල්ල කරපු හිතාගන්න බැරි තරම් වේගවත් පහරක්.

153
00:15:19,293 --> 00:15:21,593
නියමයි ෆෙරන්. බලාපොරොත්තු වුනා වගේමයි.

154
00:15:24,173 --> 00:15:26,967
ආයෙත් කවදාවත් මේ වගේ ළඟින් 
සටන් කරන්න මට ඕන නැහැ.

155
00:15:37,770 --> 00:15:38,812
තව දෙකයි!

156
00:15:41,649 --> 00:15:42,524
තව එකයි.

157
00:15:52,284 --> 00:15:54,119
ඒක ඉවරයි, රිවෝල්ටේ.

158
00:16:02,252 --> 00:16:04,839
"හිස් අත් ආයුධයක් විදිහට පාවිච්චි කරන්න බැහැ."

159
00:16:04,922 --> 00:16:06,722
ඒක හරිම මනුස්ස විදිහේ හිතීමක්.

160
00:16:07,424 --> 00:16:11,637
ආයුධය නැති වුණාම සටන් කරන්න 
බැහැ කියලා ඔයාලා හිතනවා.

161
00:16:12,429 --> 00:16:13,973
මම දිනුම්.

162
00:16:15,432 --> 00:16:17,476
අපි හිතනවා, එහෙමද?

163
00:16:17,559 --> 00:16:20,396
මම හිතන්නේ මිනිස්සුයි රක්ෂයොයි 
දෙගොල්ලොම ඒ වැරැද්ද කරනවා.

164
00:16:21,146 --> 00:16:24,024
මිනිස්සු කොයි තරම් හිතුවක්කාරද 
කියලා ඔයා දන්නේ නැහැ.

165
00:16:37,079 --> 00:16:38,414
<b><font color="#FFFB8B">දීප්තිමත් පහර.</font></b>

166
00:16:44,670 --> 00:16:46,088
<b><font color="#00FF81">ඩිගාඩ්නාච්ට්.</font></b>

167
00:17:05,232 --> 00:17:08,402
මම හිතන්නේ, ඇත්තටම හොඳ කෙනා ඔයා.

168
00:17:09,903 --> 00:17:13,157
ගම විනාශ වෙලත්, ඔයා තවමත් ඒක 
ආරක්ෂා කරන්න හදනවා.

169
00:17:14,575 --> 00:17:16,452
ඒක මට කරන්න බැරි වුණ දෙයක්.

170
00:17:31,050 --> 00:17:33,677
ඔයා මාව බේරගන්නද හදන්නේ?

171
00:17:38,682 --> 00:17:40,017
මම හිතුවා වගේමයි…

172
00:17:41,185 --> 00:17:43,270
ඔයා හරිම හොඳ කෙනෙක්.

173
00:18:17,137 --> 00:18:18,806
මෙතෝඩ්…

174
00:18:19,598 --> 00:18:22,309
මට ආයෙත් මැරෙන්න බැරි වුණාද?

175
00:18:22,392 --> 00:18:24,061
ඒ වගේ තමා පේන්නේ.

176
00:18:24,978 --> 00:18:26,728
ඔය ඇති. මට හෙලවෙන්න පුළුවන්.

177
00:18:31,610 --> 00:18:32,570
ස්ටාර්ක්ට කොහොමද?

178
00:18:32,653 --> 00:18:36,198
එයා හිටියේ හරිම අසාධ්‍ය තත්ත්වයක, 
හැබැයි දැන් එයා බේරිලා.

179
00:18:38,784 --> 00:18:41,703
මම ඔයාට කලින් එයාව සුව කරන්න 
මුල්තැන දුන්නා.

180
00:18:54,133 --> 00:18:54,967
එහෙමද?

181
00:18:55,551 --> 00:18:56,969
ඒක ප්‍රශ්නයක්ද?

182
00:18:57,052 --> 00:19:00,722
නැහැ. එයා ඇත්තටම මහන්සි වුණා.

183
00:19:02,141 --> 00:19:03,517
ෆ්‍රීරන් සහ එයාගේ පිරිස

184
00:19:03,600 --> 00:19:06,728
ටික කාලයක් මේ ගමේ නතර වෙයි වගේ.

185
00:19:25,289 --> 00:19:28,500
මට දැන් ගොඩක් හොඳට දැනෙනවා.

186
00:19:29,084 --> 00:19:30,544
එයා පුෂ්-අප් කරනවා.

187
00:19:30,627 --> 00:19:32,463
ස්ටාර්ක්-සමා ඇත්තටම

188
00:19:32,546 --> 00:19:34,006
මොකෙක් හරි රාක්ෂයෙක්ද?

189
00:19:34,715 --> 00:19:36,008
මොනතරම් නපුරු කතාවක්ද…

190
00:19:36,091 --> 00:19:39,887
මම දැක්කා ඔයාලගේ පිරිසට පූජකයෙක් නැති බව.

191
00:19:40,512 --> 00:19:44,809
මේ වැඩේ ඉවර වුණාම,  මට ටික කාලයක් නිදහස තියෙනවා.

192
00:19:44,892 --> 00:19:46,742
ඔයාලා කැමති නම්, මටත් ඔයාලා එක්ක එන්න පුළුවන්.

193
00:19:48,353 --> 00:19:51,903
උතුරු සානුව කියන්නේ පූජකයෙක් නැතුව 
යන්න හරිම භයානක තැනක්.

194
00:19:52,441 --> 00:19:53,943
ඒකට කමක් නැහැ.

195
00:19:54,026 --> 00:19:57,321
මට ලොකු සුව කිරීමේ මායාවන් බැරි වුණාට,

196
00:19:57,404 --> 00:20:00,782
මට යම් මට්ටමකට පූජක මායාවන් 
පාවිච්චි කරන්න පුළුවන්.

197
00:20:01,658 --> 00:20:04,954
තත්ත්වේ ගොඩක් නරක වුණොත්, අපි පැනලා යනවා.

198
00:20:05,037 --> 00:20:06,837
අපි මෙච්චර කාලයක් කළෙත් ඒකයි.

199
00:20:08,165 --> 00:20:12,044
අනික, අපේ පිරිසේ පූජකයාගේ තැන 
මම දැනට හිස්ව තියන්න කැමතියි.

200
00:20:13,921 --> 00:20:16,381
සමහරවිට කවදා හරි අපිට එයාව 
ආයෙත් හම්බවෙයි.

201
00:20:16,882 --> 00:20:18,425
තව එකක්…

202
00:20:19,259 --> 00:20:22,512
මෙතෝඩ්, ඔයා ඉන්නකොට ෆෙරන්
මොකක් හරි හේතුවකට තරහෙන් ඉන්නේ.

203
00:20:23,013 --> 00:20:24,390
අයියෝ…

204
00:20:24,473 --> 00:20:25,973
මම එයාගේ අකමැත්තට ලක්වෙලා නේද?

205
00:20:26,600 --> 00:20:29,895
ඒත් ෆෙරන්, මමත් ඔයාට ඒ තරමටම ආදරෙයි.

206
00:20:29,978 --> 00:20:32,147
ඔයා තරහ ගියාම හරිම හුරතල්.

207
00:20:33,273 --> 00:20:34,692
මෙතෝඩ්,

208
00:20:34,775 --> 00:20:36,575
නෝර්ම් නයිට්වරු මෙතනට ඇවිත්.

209
00:20:37,277 --> 00:20:38,946
අපි එයාලගේ ආරක්ෂාව යටතේ

210
00:20:39,029 --> 00:20:41,114
දකුණු දෙසට ගමන් කරනවා.

211
00:20:41,782 --> 00:20:43,367
තේරුණා.

212
00:20:44,117 --> 00:20:46,495
එහෙනම් අපි මෙතනින් සමුගනිමු.

213
00:20:48,163 --> 00:20:50,582
ස්ටාර්ක්, දැන් තුවාල කොහොමද?

214
00:20:52,334 --> 00:20:54,211
මම සම්පූර්ණයෙන්ම සනීපයි!

215
00:20:54,795 --> 00:20:55,754
හොඳයි.

216
00:20:56,588 --> 00:20:59,008
මම ඔයාලට ණයගැතියි.

217
00:20:59,091 --> 00:21:00,968
කවදා හරි මම ඒ ණය ගෙවනවා, පොරොන්දුයි.

218
00:21:01,551 --> 00:21:02,719
ගෙනාවු.

219
00:21:04,846 --> 00:21:06,046
"ස්තූතියි" කියලා කිව්වොත් නරකද?

220
00:21:09,268 --> 00:21:11,353
ස්තූතියි. ඔයාලගෙන් ලොකු උදව්වක් වුණා.

221
00:21:12,688 --> 00:21:15,857
නැහැ, ඔයාටයි ස්තූති වෙන්න ඕනේ. 
පරිස්සමෙන් ඉන්න බලන්න, හොඳද?

222
00:21:18,193 --> 00:21:20,362
අපි යමු.
- ඔව්.

223
00:21:21,405 --> 00:21:22,615
ගිහින් එන්නම්.

224
00:21:22,698 --> 00:21:23,865
හරි.

225
00:21:24,366 --> 00:21:25,701
ආයෙත් හම්බවෙමු.

226
00:21:54,980 --> 00:21:57,649
හේයි, එයාගේ යෝජනාව එපා කිව්ව එක ගැන 
ඔයාට විශ්වාසද?

227
00:21:59,484 --> 00:22:01,403
මෙතෝඩ් ගැන කිව්වේ.

228
00:22:02,195 --> 00:22:04,657
අපේ කණ්ඩායමේ පූජකයා සෙයින් නේද?

229
00:22:04,740 --> 00:22:06,575
මම ඒක නෙවෙයි කිව්වේ…

230
00:22:06,658 --> 00:22:08,369
එයා ලස්සන නෝනා කෙනෙක්, දන්නවනේ?

231
00:22:08,452 --> 00:22:11,452
සෙයින්ව හම්බුණාම මේක දැනගත්තොත් 
එයාට තරහ යයි නේද?

232
00:22:12,080 --> 00:22:13,540
ඒකට කමක් නැති වෙයි.

233
00:22:14,041 --> 00:22:16,960
කොහොමත් මේ කණ්ඩායමේ දැනටමත් 
ලස්සන නෝනා කෙනෙක් ඉන්නවනේ.

234
00:22:18,378 --> 00:22:20,005
ඔව්, ඒකත් ඇත්ත තමයි.

235
00:22:20,005 --> 00:24:16,000
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 184වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

